Tuesday, 17 January 2023

පුලතිසි පෙම 2 කොටස


 


" අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " .


" ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ මොකද්ද කියල මං හරියට දන්නෙත් නෑනෙ. " සුභා කිවුවෙ සුද්දී දිහා බලාගෙන.


" අනේ පුදුම කෙල්ලෝ දෙන්නෙක් තමා කුරුණෑගල  ඉදන් ඇවිල්ල මෙච්චර මහන්සි එකේ බඩගිනි නෑ කියද්දි පුදුමයිනෙ. එන්න යන්න කමු.කාල ඇවිල්ල නිදා ගන්න.හෙට උදේ නැගිටින්න එපැයි. කෝ යමු " සුභා එහෙම කියල ඔෆිස් එකේවැඩකරන අක්කෙක් වන අනූෂා  එක්කම කන්න ගියා.


කෑම කන්න තිබ්බෙ වෙනම තැනක් පොඩි තීරුවකින් වගේ තියන හෝල් එකක්.හැමදේම පිලිවෙලයි ලස්සනයි.හෝල් එක පුරාම කහ පාට බල්බ් දාල තිබුනෙ.දිග ලී මේසෙ වටේම පුටු තියල තිබුන.ගොඩක් ගෑනු ළමයි කන ගමන් බැලුවෙ සුභා හා සුද්දී දිහා.ඒ සනූ මේ තැනට අලුත් නිසයි.සුභා සුද්දී අනූෂා එක්කම කෑම බෙදා ගන්න ගියා.සුදු පාට පිගන් වලින් එකක් අරන් බත් බෙදාගෙන තුන්දෙනාම ගියේ මේසෙ කෙලවරට.


" මෙහෙ හැමදේම පිළිවෙලයි නංගි ඉන්න ආස හිතෙනව.මෙහෙ සර් ඉන්නෙ පිට රට කාලෙකට එනව එයා.මාර හැන්ඩියා. හැබැයි මෙතන වැඩ කරන අයට හොදට සලකනව.මෙහෙ පිරිමි ළමයි ඉන්නව එයාලට වෙනම හෝල් එකක් දීල තියෙන්නෙ. මේ කම්පැනි ලේසියකට එන්න බෑ නංගි. වාසනාව තියෙන්න ඕනි.කාලෙකට සැරයයි ගන්නෙ කට්ටිය " කාල ඉවර වෙනකන්ම අනූෂා සුභා ට සහ සුද්දී ට ගොඩාක් දේවල්  කිවුව.


තුන්දෙනාම කාල ඉවර වෙලා ඔෆිස් එකෙන් එලියට.


" මේ වගේ ලස්සන තැන් ගොඩක් මෙහෙ තියනව නංගි.ඒත් අපිට ගොඩක් වෙලාවට ඒව බලන්න වෙන්නෙ නෑ.දවසම වැඩ.රෑට මේ එළියට එනවා අපිට මෙහෙම ඇවිදින්න යන්න බයයි පිරිමි අය ගොඩාක් මෙහෙ වැඩ කරන නිසා. සර් නම් හැමදේම පිලිවලට කරන කෙනෙක්.වැඩ අවුල් කරන අයව සර්ට පේන්න බෑ " අනූෂා කිව්වේ එළියේ තියෙන පුටුවකින් ඉදගන්න ගමන්.


" මං මෙහෙ ආවෙ මොන දුකක් විදල හරි මගෙ ගෙදර ප්‍රශ්න විසඳගන්න. ......." සුභා හැමදේම අඅනූෂා ට කිව්වා. සුභාට අප්පච්චි අම්ම මතක් වෙද්දි ඇඩුම් පාලනය කර ගන්න බැරි උනා.



" දුක් වෙන්න එපා නංගි ඔයාගෙ ඕන දේකට අපි ඉන්නව.මෙතන වැඩ කරන කවුරුත් පෝසත් අය නෙවෙයි.දුප්පත් අය. නංගිලා දෙන්නා වැරැද්දක් වෙන්නෙ නැති විදිහට වැඩ කරොත් මේ කොම්පැනියෙ රස්සාවෙන් ඉස්සරහට යන්න පුලුවන්.නංගිලා දුක් වෙන්න එපා.ජීවිතේ ඔහොම තමයි.ගොඩක් දුක් විදින්න වෙනව දුක් විදල තමා ඕන කෙනෙක් ඉස්සරහට යන්නෙ " සුභායි සුද්දී ගොඩක් දේවල් කිවුවට පස්සෙ තුන් දෙනාම ගියේ කාමර වලට.සුභාට ඇදට ගිය ගමන් ගෙදර ගැන මතක් කර කර ඉදල නොදැනීම නින්ද ගියා.

✍️මල්කි

Wednesday, 31 August 2022

පුලතිසි පෙම 1 කොටස

 






දෙපස ඇති වෙල්යායෙන් හම සුලඟත් ගත දැවටෙද්දී රාත්‍රී යාමයේ කලුවර පාලු අහස යටට වී මා දිගු කල්පනාවකට වැටුනේ මගේ බරක් ගෙදරට නොදැනෙන්න ජීවත් වන්නෙ කෙසේද යන්නයි.ජීවිතයේ මිනිසුන් අසරන කරනවා කියල දැනන් උන්නට මේ තරම් අසරණ වෙනවා කියලා මා දැනගත්තේ අපේ ගෙදර දිගින් දිගට අගහිඟකම් වැඩිවීමත් සමගයි.උසස් පෙළ විභාගය ගැනත් බලාපොරොත්තුවක් තබා ගන්නට බැරිකම නිසාම මා තීරණය කලේ රස්සාවක් කරන්නයි...

"හලෝ සුභා  ටවුම පැත්තටද යන්නේ "

"ඔව් අනේ ටවුමේ පුස්තකාලේ පත්තර ටිකක් බලලා රස්සාවක්වත් හොයාගන්න කියල බැලුවෙ බං..අම්මටයි තාත්තටයි අර කඩේ කරලාම නංගිගෙ පංති වියදනුයි අපේ ගෙදර වියදනුයි කරන්න  බෑ කඩෙනුත් මහ ලාභයක් නැති හින්දා අමාරුයි බන්."

"උබේ කැමැත්තක්"

"අනික බන් අම්මටයි තාත්තටයි ඉස්සර වගේ වැඩපොල කරන්නත් හයියක් නෑ දැන්. ඒ හින්දා මන් මොනව හරි කරන්න ඕනි."

..........................................................
"අම්මා.... පොලොන්නරුවෙන් මන් රස්සාවක් හොයාගත්තා.කෝල් එකක් දීලා විස්තර අහලත් බැලුවා එතන හොඳයි  අම්මා සයිට් වල වැඩ කරන්න තියෙන්නෙ  පාරවල් හදන ව්‍යාපෘතියක් ඒක.අපිට තියෙන්නේ මනින්න .පුරුදුත් කරවනි අම්මා "

"උබ කොහෙන්ද ඔහොම රස්සාවක් හොයාගත්තේ"

"පත්තරේ දාලා තිබ්බේ අම්මා"


"සුභා උබට පිස්සු ද? ඔච්චර දුර යන්න.කුරුණෑගල ඉදන් පොලොන්නරුවට ගොඩාක් දුරයි."

"අනේ අම්මා මං මාමගෙ නංගිටත් කිව්වා අද ටවුමට ගිහින් එද්දි ..සුද්දි නංගියි මායි දෙන්නමනි අම්මා."

"ඕනි දෙයක් කරගන්නවා තාත්තගෙන් අහලා.."

කලුවර වැටෙන්නට ඔන්න මෙන්න තියෙද්දීන් සුභා අම්මත් එක්ක වැවට ගිහින් ඇඟ හෝදන් ඇවිත් කාලා  ඉත්මනින්ම නිදාගත්තේ උදේ ඉදන් කඩේ වැඩපල වලට මහන්සි වුන නිසයි.සුභා කඩේ වැඩපල වලට උදව් වෙනවට අම්මා අකමැති වුනත් සුභා මේ වැඩපලවලට උදව් වුනේ සුභා කුඩා කාලයේ තාත්තා ට වුන රිය අනතුරක් නිසා තාත්තා  කිහිලි කරුවකින් ගමන් කරන නිසයි.

වෙනදා මෙන්ම උදෙන්ම ඇහැරුන සුභා මූන කට හෝදන් ඇවිත් අම්මට කඩයප්පන් හදන්න උදව් කරන්නේ අම්මටයි තාත්තටයි කඩේට යන්න පමා වෙන නිසයි.අම්මමයි තාත්තායි ගෙදර එනකල්  නංගිගෙ වැඩයි ගදර වැඩයි ඔක්කොම බලාපිහා ගන්නේ සුභා  යි.

"අම්මා  මං බාප්පලාගේ ගෙදර ගිහින් එන්නම්.සඳුදා ට මං රස්සාවට යන එක ගැන කියල වැඳලා එන්නම් අම්මා."

කොහොම උනත් අම්මයි තාත්තයි කැමති කරගන්න පුලුවන් වුනේ සුද්දි නංගිත් ඉන්න නිසයි.මාගා කොම්පැනියෙන් කෝල් කරල කිව්වේ සඳුදා ට  එන්න කියල නිසා මම විජහට මගේ සහතික ෆයිල් එකයි .ග්‍රාමසේවක නෝනාගෙන් චරිත සහතිකෙත් අරං ගමනට ලෑස්ති වුනේ හීන කන්දරාවක් ගොඩගහන් ගොඩක්   ආසාවෙන්.නමුත්
එන්න එන්නම ගමනට දින ලංවීමත් සමඟ නින්දක් වත් අහලක නොමැතිව මා කල්පනාවේ  ගිලුනේ ගෙදරින් පිට කවදාවත් ඉඳලා නැති නිසයි.

"අනේ සුභා උබ කෙල්ලෙක් එහෙව් එකේ කොමද උබ රැකෙන්නෙ ඔය අදුරන් නැති පලාතක."

"ඔයාලා බයවෙන්නෙ නැතුව ඉන්නකො අම්මා..මන් පරිස්සම් වෙලා ඉන්නම්.."


"සුභා දුවේ...අනේ පුතේ අම්මයි මමයි උබලා කොහොමහරි බලගන්නව උබ ගෙදරට වෙලා හිටපං මගෙ දුවේ.මේ තාත්තා කොහොමද උබල දෙන්නයි මේ ගෑනියි ඇස් මානේ නැතුව ඉන්නේ." තාත්තා එහෙම කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්...

මොනව වුනත් මම මේ ගමන යනවා.මගෙ අම්මටයි තාත්තටයි හයියක් වෙන්න පුලුවන් මට මේකෙන්වත් ගොඩ ගියොත්. සුභා බර කල්පනාවක ඉද්දින් නොදැනීම නින්දට වැටුනි.

..........................................................

"සුභා..මගෙ දුවේ නැගිටින්න.මාමා සුද්දිත් එක්ක තව ටිකකින්  එයි .."

"අම්මා තව පැයකට වඩා තියෙනවානි බස් එකට"

"මාමල එන්න කලිං ලෑස්ති වෙලා ඉන්න පමා වෙවී යන්න හොඳනෑනි යන ගමන"

අම්මා මෙච්චර කියවන්නේ මන් ගෙදරින් යන දුකට.තාත්තා මොකුත් නොකීවත් එයා හිතෙන් ගොඩාක් දුක්වෙන බව මන් දන්නවා මෙහෙම  යන එක ගැන.

සුද්දි ඇවිත් කෑ මොර දෙද්දී මන් ගෙදරින් පිටත් වුනේ අම්මට‍යි තාත්තට යි වැඳල ..තාත්තා මිට මොලවපු සල්ලිත් අරං කඳුලු පිරුනු දෑසින් මන් ගෙදරින් එලියට දුවං ආවේ මං කවදාවත් නොදැකපු කදුලු තාත්තගේ ඇස්වල දැක්ක නිසයි...වංගුවෙන් බස් එක හෝන් කරද්දි පාරට දිව්ව මායි සුද්දියි බස් එකට නගිද්දින් මගෙ නංගි චුටිගෙ මූන   දකිත්දී ලොකු දුකක් දැනුනි.

....................................................................

ගිරිතලේ වැවත් පාස්වෙලා බස් එක ඉදිරියට ඇදෙද්දිත් මට මැවුනේ ගෙදර අයයි..  මායි සුද්දියි පොලොන්නරුව ටවුමෙන් බැහැල  මාගා ආයතනයට යද්දී දවල් දෙකත් පහුවෙලා . එතන හිටපු අය අපේ විස්තර අරං අපිට අපේ බෝඩිම පෙන්නුවා අපිට  මුලින් බයක් දැනුනත් එතන හිටපු අපේම වයසේ ගැහැණු ලමයින් නිසා ඒ බය නැතිවෙලා ගියා. .. අලුත් පරිසරයේ  මටයි නංගිටයි එක තැන වැඩ කරන්න නම් වුනේ නෑ..අපි දෙන්න සයිට් දෙකක වැඩට වැටුනේ. 

පුලතිසිපුර අසිරි සිරි මනස්කාන්තයි. දර්ශනීය ලෙස දිස්වන වැව්, ඇළ මාර්ග  ,පමණක් නොව ගහ කොළද කුඹුරු යායද හිතට ගෙනෙන්නේ මහා ලොකු සැනසීමකී. 


"අලුත් ළමයි දෙන්නෙක් ඇවිත්නි."

" කොහෙ ඉඳන්ද ආවේ"

"කුරුණෑගල වාරියපොල ට ටිකක් කිට්ටුව අක්කේ "


"ගොඩාක් දුරයිනි නංගි .. අනේ මේ රතු පාටට ඉන්න දෙන්නා අව්වට පිච්චෙයි."

"අව්වේ වැඩපල කරල හුරුයි අක්කේ..ගෙදර ඉද්දින් අපේ කුඹුරු වල වැඩ කරන්නෙත් අම්මයි මමයි නංගී  අක්කේ."

එතන වැඩ කරන අක්කලා ගොඩාක් කරුනාවන්තයි.එයාලා වැඩ කරේ ඔෆිස් එකේ. 

Wednesday, 24 August 2022

රාත්‍රිය


 හඳ  🌙 නුබ තනි වෙලා 

නමුත් නුබ 

ලස්සනයි.

රාත්‍රියට නුබේ

දීප්තිය

මුලු ලොවක් 

එලිය කරයි

නුබේ හැඩ 

ඔබට නෝපෙනුනද

නුබ ළඟින් ඉන්න 

තාරකාවද නොදැක්කාට

නුබේ හැඩ 

නුබේ වටිනාකම

දකින අය එමටයි

නුබේ එලියෙන්

රාත්‍රිය පහන් කරමින්

නිහැඩියාව බිදින

කනාමැදිරියන් වවුලන්

නුබට පෙම් බදියි❤️

නමුදු.,,

🌟 තාරුකා ළඟින් හිටියත්

නුබ නොමැතිකල

එයත් අඳුරුයි.


 ✍️මල්කි


Friday, 3 June 2022

සබරගමුව

 

සබරෙ අහස යට

 මන් තනි වූවාට 

මගේ සගයනුත් මන් ලඟ සිටියාම

නොදැනුනි තනී නම් මා හට කිසිදාක

මැට්ටේ කැන්ටිමේ අපි ලව් නොකරාට

විඳිමි ජීවිතේ සතුටින් සුන්දරව

✍️මල්කි- 










සරසවි සිහිනය


 


මගෙ දිවියේ එකඳු පැතුමන් සැබෑවීලා

සබරගමු මව් තුරුලේ තුරුල්ලේ සෙනෙහස ලබන්නට මට වරම් ලැබිලා..

නවමු පැතුමන් හිතේ සඟවා ඔබේ තුරුලට පියමං කළා මා..

පැතුම් පොදිය ඇති මගේ සිත තුළ

සොඳුරු ලෝකයේ දමා යන්නට බැහැ ය මට අද..

ඔබේ ලස්සන දිනෙන් දින යයි දියුණු වීලා

කෙසේ වනම් දෝ සබරෙ මවුනි වදන් නැහැ මට ඔබ වනන්නට..

කදු හෙල් මැදින් වටවූ සොදුරු ලෝකය

තුරුලතා මල් පළින් බර වූ සොදුරු ගස් වැල්

සොඳුරු ගුණදම් හොදින් හඳුනන ඇදුරු මඩුලු මැද..

කෙසේ අමතක කරම්දෝ මේ සබර මාතා

යහලු යෙහෙලියෝ පිරී මා වටා

කෙදිනකදිවත් මෙබඳු සතුට නැහැය මා හට

මෙසේ දැනිලා

උස් මිටිකම් නැති

යහගුන හදුණන ගුණදම් හඳුණන

නුවන වඩන්නට මං සලසණ

සබරෙ මවුනි සැරදේ සැමදා..

සබරෙ මවුනි සැරදේ සැමදා..//

-මල්කි- 19SSL5949


සරසවි මෑණියනි


 හීන් පොද වැස්සේ

හමා එන සිහින් සුලන් රැලි

ආදර කඳු තරනය කර

බෙලිහුල්ඔය සිඹිමින්

අපූර්වත්වයේ තෝතැන්නක් වූ

සබරගමු සරසවි පිංබිමේ

පහස ලබන්නට

වරම් ලද මා

නිල් තණපලසේ පළමු වසරේ 

පුංචි පිණිබිඳුවකි

සිප් කිරෙන් පොෂණය වන්නට

නවක යහළු යෙහෙලියන් සමගින්

නැන නුවනින් ඉදිරියටම යන්න

සබරෙ සරසවි මෑණියනි

දෙන්න අවසර🌸

 ✍️මල්කි  







Wednesday, 2 February 2022

වියරුව

වියරුව


ආදරයේ පලිගැනීම


පලිගැනීමේ ආදරය 


ඉස්සර ආදරේ


දැන් වෛරයක් වෙලා


බැරිද ආයෙත් ආදරෙන්


මුල් හමුවට ගිහින් 


ආදරේ පටන්ගන්න


නැත්තම්..


මෙතනම නවතින්න


බෑ තව්ත් විඳවන්න


✏️මල්කි




පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...