Wednesday 31 August 2022

පුලතිසි පෙම 1 කොටස

 






දෙපස ඇති වෙල්යායෙන් හම සුලඟත් ගත දැවටෙද්දී රාත්‍රී යාමයේ කලුවර පාලු අහස යටට වී මා දිගු කල්පනාවකට වැටුනේ මගේ බරක් ගෙදරට නොදැනෙන්න ජීවත් වන්නෙ කෙසේද යන්නයි.ජීවිතයේ මිනිසුන් අසරන කරනවා කියල දැනන් උන්නට මේ තරම් අසරණ වෙනවා කියලා මා දැනගත්තේ අපේ ගෙදර දිගින් දිගට අගහිඟකම් වැඩිවීමත් සමගයි.උසස් පෙළ විභාගය ගැනත් බලාපොරොත්තුවක් තබා ගන්නට බැරිකම නිසාම මා තීරණය කලේ රස්සාවක් කරන්නයි...

"හලෝ සුභා  ටවුම පැත්තටද යන්නේ "

"ඔව් අනේ ටවුමේ පුස්තකාලේ පත්තර ටිකක් බලලා රස්සාවක්වත් හොයාගන්න කියල බැලුවෙ බං..අම්මටයි තාත්තටයි අර කඩේ කරලාම නංගිගෙ පංති වියදනුයි අපේ ගෙදර වියදනුයි කරන්න  බෑ කඩෙනුත් මහ ලාභයක් නැති හින්දා අමාරුයි බන්."

"උබේ කැමැත්තක්"

"අනික බන් අම්මටයි තාත්තටයි ඉස්සර වගේ වැඩපොල කරන්නත් හයියක් නෑ දැන්. ඒ හින්දා මන් මොනව හරි කරන්න ඕනි."

..........................................................
"අම්මා.... පොලොන්නරුවෙන් මන් රස්සාවක් හොයාගත්තා.කෝල් එකක් දීලා විස්තර අහලත් බැලුවා එතන හොඳයි  අම්මා සයිට් වල වැඩ කරන්න තියෙන්නෙ  පාරවල් හදන ව්‍යාපෘතියක් ඒක.අපිට තියෙන්නේ මනින්න .පුරුදුත් කරවනි අම්මා "

"උබ කොහෙන්ද ඔහොම රස්සාවක් හොයාගත්තේ"

"පත්තරේ දාලා තිබ්බේ අම්මා"


"සුභා උබට පිස්සු ද? ඔච්චර දුර යන්න.කුරුණෑගල ඉදන් පොලොන්නරුවට ගොඩාක් දුරයි."

"අනේ අම්මා මං මාමගෙ නංගිටත් කිව්වා අද ටවුමට ගිහින් එද්දි ..සුද්දි නංගියි මායි දෙන්නමනි අම්මා."

"ඕනි දෙයක් කරගන්නවා තාත්තගෙන් අහලා.."

කලුවර වැටෙන්නට ඔන්න මෙන්න තියෙද්දීන් සුභා අම්මත් එක්ක වැවට ගිහින් ඇඟ හෝදන් ඇවිත් කාලා  ඉත්මනින්ම නිදාගත්තේ උදේ ඉදන් කඩේ වැඩපල වලට මහන්සි වුන නිසයි.සුභා කඩේ වැඩපල වලට උදව් වෙනවට අම්මා අකමැති වුනත් සුභා මේ වැඩපලවලට උදව් වුනේ සුභා කුඩා කාලයේ තාත්තා ට වුන රිය අනතුරක් නිසා තාත්තා  කිහිලි කරුවකින් ගමන් කරන නිසයි.

වෙනදා මෙන්ම උදෙන්ම ඇහැරුන සුභා මූන කට හෝදන් ඇවිත් අම්මට කඩයප්පන් හදන්න උදව් කරන්නේ අම්මටයි තාත්තටයි කඩේට යන්න පමා වෙන නිසයි.අම්මමයි තාත්තායි ගෙදර එනකල්  නංගිගෙ වැඩයි ගදර වැඩයි ඔක්කොම බලාපිහා ගන්නේ සුභා  යි.

"අම්මා  මං බාප්පලාගේ ගෙදර ගිහින් එන්නම්.සඳුදා ට මං රස්සාවට යන එක ගැන කියල වැඳලා එන්නම් අම්මා."

කොහොම උනත් අම්මයි තාත්තයි කැමති කරගන්න පුලුවන් වුනේ සුද්දි නංගිත් ඉන්න නිසයි.මාගා කොම්පැනියෙන් කෝල් කරල කිව්වේ සඳුදා ට  එන්න කියල නිසා මම විජහට මගේ සහතික ෆයිල් එකයි .ග්‍රාමසේවක නෝනාගෙන් චරිත සහතිකෙත් අරං ගමනට ලෑස්ති වුනේ හීන කන්දරාවක් ගොඩගහන් ගොඩක්   ආසාවෙන්.නමුත්
එන්න එන්නම ගමනට දින ලංවීමත් සමඟ නින්දක් වත් අහලක නොමැතිව මා කල්පනාවේ  ගිලුනේ ගෙදරින් පිට කවදාවත් ඉඳලා නැති නිසයි.

"අනේ සුභා උබ කෙල්ලෙක් එහෙව් එකේ කොමද උබ රැකෙන්නෙ ඔය අදුරන් නැති පලාතක."

"ඔයාලා බයවෙන්නෙ නැතුව ඉන්නකො අම්මා..මන් පරිස්සම් වෙලා ඉන්නම්.."


"සුභා දුවේ...අනේ පුතේ අම්මයි මමයි උබලා කොහොමහරි බලගන්නව උබ ගෙදරට වෙලා හිටපං මගෙ දුවේ.මේ තාත්තා කොහොමද උබල දෙන්නයි මේ ගෑනියි ඇස් මානේ නැතුව ඉන්නේ." තාත්තා එහෙම කිව්වේ මගේ ඔලුව අතගාන ගමන්...

මොනව වුනත් මම මේ ගමන යනවා.මගෙ අම්මටයි තාත්තටයි හයියක් වෙන්න පුලුවන් මට මේකෙන්වත් ගොඩ ගියොත්. සුභා බර කල්පනාවක ඉද්දින් නොදැනීම නින්දට වැටුනි.

..........................................................

"සුභා..මගෙ දුවේ නැගිටින්න.මාමා සුද්දිත් එක්ක තව ටිකකින්  එයි .."

"අම්මා තව පැයකට වඩා තියෙනවානි බස් එකට"

"මාමල එන්න කලිං ලෑස්ති වෙලා ඉන්න පමා වෙවී යන්න හොඳනෑනි යන ගමන"

අම්මා මෙච්චර කියවන්නේ මන් ගෙදරින් යන දුකට.තාත්තා මොකුත් නොකීවත් එයා හිතෙන් ගොඩාක් දුක්වෙන බව මන් දන්නවා මෙහෙම  යන එක ගැන.

සුද්දි ඇවිත් කෑ මොර දෙද්දී මන් ගෙදරින් පිටත් වුනේ අම්මට‍යි තාත්තට යි වැඳල ..තාත්තා මිට මොලවපු සල්ලිත් අරං කඳුලු පිරුනු දෑසින් මන් ගෙදරින් එලියට දුවං ආවේ මං කවදාවත් නොදැකපු කදුලු තාත්තගේ ඇස්වල දැක්ක නිසයි...වංගුවෙන් බස් එක හෝන් කරද්දි පාරට දිව්ව මායි සුද්දියි බස් එකට නගිද්දින් මගෙ නංගි චුටිගෙ මූන   දකිත්දී ලොකු දුකක් දැනුනි.

....................................................................

ගිරිතලේ වැවත් පාස්වෙලා බස් එක ඉදිරියට ඇදෙද්දිත් මට මැවුනේ ගෙදර අයයි..  මායි සුද්දියි පොලොන්නරුව ටවුමෙන් බැහැල  මාගා ආයතනයට යද්දී දවල් දෙකත් පහුවෙලා . එතන හිටපු අය අපේ විස්තර අරං අපිට අපේ බෝඩිම පෙන්නුවා අපිට  මුලින් බයක් දැනුනත් එතන හිටපු අපේම වයසේ ගැහැණු ලමයින් නිසා ඒ බය නැතිවෙලා ගියා. .. අලුත් පරිසරයේ  මටයි නංගිටයි එක තැන වැඩ කරන්න නම් වුනේ නෑ..අපි දෙන්න සයිට් දෙකක වැඩට වැටුනේ. 

පුලතිසිපුර අසිරි සිරි මනස්කාන්තයි. දර්ශනීය ලෙස දිස්වන වැව්, ඇළ මාර්ග  ,පමණක් නොව ගහ කොළද කුඹුරු යායද හිතට ගෙනෙන්නේ මහා ලොකු සැනසීමකී. 


"අලුත් ළමයි දෙන්නෙක් ඇවිත්නි."

" කොහෙ ඉඳන්ද ආවේ"

"කුරුණෑගල වාරියපොල ට ටිකක් කිට්ටුව අක්කේ "


"ගොඩාක් දුරයිනි නංගි .. අනේ මේ රතු පාටට ඉන්න දෙන්නා අව්වට පිච්චෙයි."

"අව්වේ වැඩපල කරල හුරුයි අක්කේ..ගෙදර ඉද්දින් අපේ කුඹුරු වල වැඩ කරන්නෙත් අම්මයි මමයි නංගී  අක්කේ."

එතන වැඩ කරන අක්කලා ගොඩාක් කරුනාවන්තයි.එයාලා වැඩ කරේ ඔෆිස් එකේ. 

5 comments:

  1. 😊😊lssnayi..💗 good luck...

    ReplyDelete
  2. පුලතිසි පෙම 1... ඒ කියන්නෙ කන්ටිනිව් කතාවක් කියවන්න ඇහැක් වෙයි නෙ
    ✍️👌....

    ReplyDelete

පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...