Saturday 22 January 2022

ඇගේ කතාව


 ඇගේ කතාව

ඇය නමින් ඉසිඳි.ඇගේ ජීවිතය කෙළිදොලින් ගතකිරීමට එයා හරිම කැමතී.එයාට එහෙම එයාගෙ ජීවිතය කෙළිදොලින් ගත කරන්නට නම් එයාගෙ ගෙදර අය කවදාවත් ඉඩ දුන්නේ නම් නෑ.ඇයට ගෙදර අය යහළුවන් ගේ ගෙවල්වල යන්න දුන්නේ නෑ.පිරිමි ළමයි ආශ්‍රය කරන්න දුන්නේ නෑ.ඉතින් මේ ඉසිඳි හරිම දුකෙන් තමයි ඇයගේ කාලය ගතකරේ. ඒත් ගෙදර අය කීවේ ගැහැණු ළමයෙක් සංවරව ඉන්න ඕනි කියලා විතරයි.කොටින්ම කියනවා නම් ඉගෙනගන්න විතරයි කියලා දෙමව්පියෝ පවසති.ඉතින් මේ පුංචි ඉසිඳි ට පුදුමාකාර හැකියාවන් තිබුනේ ඒවානම් එයාට චිත්‍ර අඳින්න,සිංදු ලියන්න,මැහුම් ගෙතුම් කරන්න,රසට කෑම වර්ග හදන්න.ඒ හැමදේම පුලුවන් නමුත් මේ පුංචි ඉසඳි ගෙදරට වෙලා හිටපු නිසා ඇයගේ හැකියාවන් දියුණු  කරගන්න නම් ඇයට ලැබුනේ නෑ.

ඒත් පුංචි ඉසඳිව තේරුම් ගන්න පුලුවන් එකම එක කෙනෙක් හිටියා ඒ තමයි එයාගෙ චිත්‍ර ගුරුතුමිය .එයාගේ නම කුසුම් ඒ ගුරුතුමියට මේ පුංචි ඉසිඳි හිතන පතන විදිය තේරුම් ගන්න පුලුවන් වුනා.මේ ගුරුතුමිය ඉසිඳි කැමති සෑම දෙයක්ම කිරීමට උදව් කරා.ඒ නිසාම ඉසිඳි කුසුම් ගුරුතුමිය ට ගොඩාක් ආදරය කලා.

ඉතින් මේ පුංචි ඉසිඳි එදා ඉඳලා එයාගෙ ජීවිතේ අලුතින් ආරම්භ කලා.ඇයගේ සියලුම හැකියාවන් මුවහත් වුනා.කාලය මෙසේ ගතවෙද්දී ඇය උසස් පෙළ විභාගය හොඳින් සමත් වී කොළඹ විශ්වවිද්‍යාලය ට තේරුනා.ඉතින් ඇය දක්ෂතා හොඳින් පෙන්වා එම විශ්වවිද්‍යාලයේම කතිකාචාර්ය වරයෙක්වුනා. ඉතින් මේ ඉසිඳි මෙතෙනින් නැවතුනේ නෑ ඇය වගේ හිතන පුංචි දරුවන් ට උදව් කරන්න පුංචි සංවිධානයක් ආරම්භ කළා. ඊට පසුව ඉසිඳි ගේ අම්මා තාත්ත එයාව තේරුම් ගත්තා.එයාල ගොඩාක් සතුටු වුනා.


✏️මල්කි

26 comments:

  1. Maru ...lassanai...❤❤❤

    ReplyDelete
  2. ලස්සන කතාවක්

    ReplyDelete
  3. ♥️♥️♥️♥️😘😘😘🤩🤩

    ReplyDelete

පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...