Monday, 31 January 2022

මගේ සිංහල ගුරුතුමා

මගේ සිංහල ගුරුතුමා(සුජීව සර්)



 හැම වචනයකටම 

ගැඹුරු අරුතක්

සාහිත්‍ය ඉගෙනීමට මීට වඩා

ලස්සන නමක්

සොයන්නටත් අමාරුය

 

මුලින්ම කවියකට

අකුරු ගලපන්නට

අඩිතාලමක් වූයේ

ඔබේ සෙවනයි

 

මවා සරසවියට 

සිහින මාවතක් 

පෙන්වා අප හට

වෙනම ලෝකයක්

 

විෂයට සීමා වු

ඇදුරුන් අතරේ

ගලා යන දිවියට 

හැඩයක් එක් කල

 

ඇත්තටම ඔබ

 ගුරු තරුවකි

අදටත් ඒ 

භාෂා පංතියට 

යන්න ඇත්නම්

✏️-මල්කි-
















16 comments:

  1. ❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. මගෙත් සර්❤️ ඇත්තටම සිංහල ඉගෙන ගන්න ආස හිතුණේ සර් නිසයි❤️❤️

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම මුලින්ම කවියක් ලියන්න යොමු වුනෙත් සර් නිසාමයි.

      Delete
  3. අපේ කාලෙනම් හැම ගුරුවරයාම අපිට දෙවියෙක් උන ගානයි දැන් එහෙම නොවුනට

    ReplyDelete

පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...