Monday, 31 January 2022

මගේ සිංහල ගුරුතුමා

මගේ සිංහල ගුරුතුමා(සුජීව සර්)



 හැම වචනයකටම 

ගැඹුරු අරුතක්

සාහිත්‍ය ඉගෙනීමට මීට වඩා

ලස්සන නමක්

සොයන්නටත් අමාරුය

 

මුලින්ම කවියකට

අකුරු ගලපන්නට

අඩිතාලමක් වූයේ

ඔබේ සෙවනයි

 

මවා සරසවියට 

සිහින මාවතක් 

පෙන්වා අප හට

වෙනම ලෝකයක්

 

විෂයට සීමා වු

ඇදුරුන් අතරේ

ගලා යන දිවියට 

හැඩයක් එක් කල

 

ඇත්තටම ඔබ

 ගුරු තරුවකි

අදටත් ඒ 

භාෂා පංතියට 

යන්න ඇත්නම්

✏️-මල්කි-
















Friday, 28 January 2022

ගොයම


 ගොයම

වෙල් යායට

 නිල්ල වැදී

ගොයම් කයිය

 ළඟ ළඟමයි

වැහි දෙවියෝ 

ටිකක් ඉන්න

බර වුනාට

 නුබේ කදුලු

හලනු එපා 

ටිකක් ඉන්න

අපිට ගොයම්

කපා ගන්න.

-✏️මල්කි










Monday, 24 January 2022

පාළුව

 පාළුව 


ඇරබුමක් වගේම

හැමදේම අවසානයක් ඇත

ආරම්භය තරම් අවසානය

සුන්දර නොවුනද

අතීතය සැමදාම 

ජීවත්කරවන

 මතකයක්ද විය හැක

ඉදින් මොහොතකට

ජීවන සතුට

සොයායන්නට

 හැල්මේ දුව ගිය

බොහෝ අයට හති වැටෙමින්

දරාගත නොහැකිවද 

මග නවතී

නමුදු ගමනාන්තය 

තවමත් ඉදිරියට ඇත

යාමට අවැසිමුත්

අවැසි ශක්තිය නොමැති වූ කල

මග නවතී

තීරණය ඔබසතුයි.....














Saturday, 22 January 2022

නිහතමානී පොලිස් කවියා


කාකි ඇදුමට යටින්
 
කවි ලියවෙන්න පුලුවන්

ඔබ රළු නිලැදුම හැඳි

සංවේදී කවියෙක්

රාජකාරියේදී ලබන අත්දැකීම් 

කවියට පටබැදිනි

අපිට අපිව පෙනෙන කැඩපතකි

ඔබෙ නිර්මාණ

නිලැදුම ඇදුම් ඇන්දෙ කෙස්දැයි

පිළිතුර අපැහැදිලිය

ලක් දෙරණට ඔබවැනි

ඉලක්ෂයන්

තව ඕනෑය.
✏️මල්කි

ඇගේ කතාව


 ඇගේ කතාව

ඇය නමින් ඉසිඳි.ඇගේ ජීවිතය කෙළිදොලින් ගතකිරීමට එයා හරිම කැමතී.එයාට එහෙම එයාගෙ ජීවිතය කෙළිදොලින් ගත කරන්නට නම් එයාගෙ ගෙදර අය කවදාවත් ඉඩ දුන්නේ නම් නෑ.ඇයට ගෙදර අය යහළුවන් ගේ ගෙවල්වල යන්න දුන්නේ නෑ.පිරිමි ළමයි ආශ්‍රය කරන්න දුන්නේ නෑ.ඉතින් මේ ඉසිඳි හරිම දුකෙන් තමයි ඇයගේ කාලය ගතකරේ. ඒත් ගෙදර අය කීවේ ගැහැණු ළමයෙක් සංවරව ඉන්න ඕනි කියලා විතරයි.කොටින්ම කියනවා නම් ඉගෙනගන්න විතරයි කියලා දෙමව්පියෝ පවසති.ඉතින් මේ පුංචි ඉසිඳි ට පුදුමාකාර හැකියාවන් තිබුනේ ඒවානම් එයාට චිත්‍ර අඳින්න,සිංදු ලියන්න,මැහුම් ගෙතුම් කරන්න,රසට කෑම වර්ග හදන්න.ඒ හැමදේම පුලුවන් නමුත් මේ පුංචි ඉසඳි ගෙදරට වෙලා හිටපු නිසා ඇයගේ හැකියාවන් දියුණු  කරගන්න නම් ඇයට ලැබුනේ නෑ.

ඒත් පුංචි ඉසඳිව තේරුම් ගන්න පුලුවන් එකම එක කෙනෙක් හිටියා ඒ තමයි එයාගෙ චිත්‍ර ගුරුතුමිය .එයාගේ නම කුසුම් ඒ ගුරුතුමියට මේ පුංචි ඉසිඳි හිතන පතන විදිය තේරුම් ගන්න පුලුවන් වුනා.මේ ගුරුතුමිය ඉසිඳි කැමති සෑම දෙයක්ම කිරීමට උදව් කරා.ඒ නිසාම ඉසිඳි කුසුම් ගුරුතුමිය ට ගොඩාක් ආදරය කලා.

ඉතින් මේ පුංචි ඉසිඳි එදා ඉඳලා එයාගෙ ජීවිතේ අලුතින් ආරම්භ කලා.ඇයගේ සියලුම හැකියාවන් මුවහත් වුනා.කාලය මෙසේ ගතවෙද්දී ඇය උසස් පෙළ විභාගය හොඳින් සමත් වී කොළඹ විශ්වවිද්‍යාලය ට තේරුනා.ඉතින් ඇය දක්ෂතා හොඳින් පෙන්වා එම විශ්වවිද්‍යාලයේම කතිකාචාර්ය වරයෙක්වුනා. ඉතින් මේ ඉසිඳි මෙතෙනින් නැවතුනේ නෑ ඇය වගේ හිතන පුංචි දරුවන් ට උදව් කරන්න පුංචි සංවිධානයක් ආරම්භ කළා. ඊට පසුව ඉසිඳි ගේ අම්මා තාත්ත එයාව තේරුම් ගත්තා.එයාල ගොඩාක් සතුටු වුනා.


✏️මල්කි

Monday, 17 January 2022

දුමාරය

 දුමාරය 

උබේ රළු තොල්

සියුමට පැටලෙද්දී

මත්වෙන්නැති

 මමත් 

ඒ දුමාරයටම

ඔව් බං

මං තාමත්

ඇබ්බැහි වෙලා 

ඒ දුමාරය අස්සේ

 උබවම සොයන්න 

 -✏️මල්කි-






මිතුදම

 මිතුදම



මිතුදමින් ලන් වුනා 

ප්‍රේමයෙන් අත්වැල් බැඳී 

ජීවිතේ අඩු පාඩු 

කියා දී ආදරෙන්

හිඳිමු අපි සෙනෙහසින් 

ලොව හිඳින හොඳම යහළුවන් 

ඔබලා මා හට ලැබුන

දිවිමගේ එක්වෙලා

යමු අපි ඉදිරියට 

ජීවිතේ ටිකකලකි

නමුත් අපි කරන දේ

රැඳේවි දිගු කලක් 

එක්වෙලා ජය ගනිමු 

ජීවිතය යහළුවේ 

-✏️මල්කි-








මගේ ජීවිතය


 මගේ ජීවිතය 

ජීවිතේ නුබ මගේ

ලැබූ එකම කුසුමවේ

හිනැහිලා ඔබ ලඟින්

හිඳිමි මා සැම දිනේ


ගෙවෙනා හැම මොහොතේ 

සිහිවෙයි නුබේ නෙත් යුගලමට

ඔබේ ලයේ තුරුළු වී

කෙලිදොලින් ඉන්න මට

යලිදු පතමි සැමදා


ඔබේ ඔය හුස්ම ලඟ

ගෙවෙන හැම මොහොතක්ම

සොදුරුයි මගේ රත්තරන් 

සැමදා ඔබ මගෙයි

සත්තමය රත්තරන්


-✏️මල්කි-








Friday, 14 January 2022

දෙතැනක නතරවීම

 

දෙතැනක නතරවීම.


නිදහස බැඳීමද

සතුට සැනසීම කොතනද

හිත නුබ අද කොහිද

දිනෙන් දින ලංවෙන්නේ

ඇයි මේම දුක් ගින්න්න

ජීවිතේ බන්ධනය

දැන්නම් මට හැඟෙන්නේ 

බෑමයි හිරයට යන්න

තනිකමට පෙම්බඳින

මෙමා අද කැමතිම දෙය

තනිකමම විය

-මල්කි-






Tuesday, 11 January 2022

කොරෝනා

 කොරෝනා 

 අපිව වෙන් කරනවා

දුප්පත් අහිංසක මිනිහාගෙන් පලි ගන්නවා

උදේට හිරු උදාවෙනවා

හවසට හිරු බැසයනවා

ඒක විතරයි දන්නේ 


හැල්මේ දුවන ජීවිත

කිසිම බලාපොරොත්තුවක් නැතිව

එකම තැන නතර කරලා

ලෝකය නුබ අතට ගෙන

අහිංසක මිනිසුන්ගේ 

හීන බලාපොරොත්තු 

උබේ අතට ගෙන

වසන්තය පේන තෙක්මානෙක නෑ

තවත් කොයිතරම් කාලයක් 

මේ දුක විඳින්නද 

කොරෝනා?













අප්පච්චී

 අප්පච්චී


ඉරි තැලුණු ඉඩෝරයට
ඇද වැටුණු අසනි වැසි ඔබම විය
මහා වනස්පති මුදුන් පරයා
මුළු ලොවම එකළු කල
හිරු රැස් කැන් ඔබම විය
හරිත ලෝකයක සුන්දරත්වය විඳින්නට 
අපට විවර කරදුන් ඔබේ
සෙනෙහස
සදාදරණීයයි අප්පච්චී ❤

           -මල්කි-

-

Monday, 10 January 2022

මතක වැස්ස.

 මතක වැස්ස


වහිනවද  වැස්ස ඔහෙටත්

මෙහෙට නම් හොදටම වැස්ස

නුබ ඔතන

මම මෙතන 

ඒත් හිත් එකම තැන

නින්ද නෑ මේ වැස්ස

හිත උදුරාගෙන මතක

යනවාද අතීතයට

ඒකාලෙ වැහි ළඟට

තෙමුනු හැටි අපි දෙන්නා

මුරුගසන් වැස්ස යට

වැඩ කලා තෙමි තෙමී

හීන් පොද වැස්ස යට

අද වහින මේ වැස්ස

තනිවෙලා අපි නැතුව

කවදාද?

ආයෙමත්

තෙමෙන්නේ වැස්ස යට.

        -මල්කි-


















පුලතිසි පෙම 2 කොටස

  " අපි යමු නංගි කන්න.ඔයා උදේ මෙහෙට ආව නම් දවල්ටවත් කන්න නැතුව ඇති නේද " . " ඔව් අක්කෙ බඩගින්නක් ආවෙත් නෑ. අනික මෙහෙ වෙන්නෙ ම...